Bigindicator

Malaka Dewapriya

Profile  |  Artworks  |  Exhibitions  |  Network  |  Reviews  |  Blog  |  Comments

‍හැරල්ඩ් පින්ටර් ගේ ‘වන් ෆෝ ද රෝඩ්’

by Malaka Dewapriya
"අපි කෙළින්ම කථාව ආරම්භ කරමු. වහෙන් ඔරෝ ඕන නෑ." හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්' නාට්‍යයේ නිකලස් සංවාදය ආරම්භ කරන්නේ එහෙමයි. මම කැමතියි මේ රචනයත් ඒ විදියට පටන් ගන්න. හැරල්ඩ් පින්ටර් හා ඔහුගේ දිවිය සම්බන්ධව කිවයුතු සෑම දෙයක්ම මැනවින් පළවී අහවරයි කියලා මම විශ්වාස කරනවා. තවත් අයෙකුට කියන්න දෙයක් නොමැති තරමට. අන්තර්ජාලය ඒ බවට මනාව සාක්ෂි දරනවා. ඒ හින්දා මම කැමතියි හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්' නාට්‍යය ගැන පමණක් කථා කරන්න. pinter_portrait2‘වන් ෆෝ ද රෝඩ්' නාට්‍යය මා අතට පත්වන්නෙ එක්තරා අහම්බයකින්. ඒ කොළඹ සරසවියේ සිසුවකුව සිටි කාලයේ නාට්‍යයක් නිපැයීම සඳහා දිනක බ්‍රිතාන්‍යය කවුන්සිල පොත්ගුල පිරික්සීම... [more]
Posted by Malaka Dewapriya on 3/11/09
Is this your profile?
Claim it!